අපේ රටේ මීට පෙර සිදු වූ ස්වාභාවික ආපදා අවස්ථාවන් වලදීත් ප්‍රජාව ශක්තිමත් ලෙස එක් රැස් කිරීමට Relief Support හරහා අපි කටයුතු කළා.
අපි ආධාර ගබඩා කළේ නෑ: මුදල් එකතු කළේ නෑ. නමුත් අපි උදව් අවශ්‍ය අය සහ උදව් කළ හැකි අය එකිනෙකා සම්බන්ධ කළ හැකි ප්‍රජාව විසින්දු බල ගැන්වූ පොදු වේදිකාවක් සැකසුවා.
අපි හැමෝම දන්නවා අපේ රටේ දේශපාලන සහ ආර්ථික ගැටලුවක් තියෙනවා. මේක අපි හැමෝගෙම ජිවිත වලට බලපානවා විවිධාකාරයෙන්. අඩු ආදායම්ලාභී ජනතාව (?) දිනෙන් දින ඉතාම අමාරු අවදියකට පත්වෙනවා. විදුලිය හෝ ඉන්ධන නොමැතිකම, බඩු මිල ඉහළ යාම, වෙළඳපොලේ අමුද්‍රව්‍ය හිඟවීම, ආනයන අඩුවීම වැනි බොහෝ හේතූන් නිසා සෑහෙන පිරිසකට ආදයම් අහිමි වෙනවා. ස්වයං රැකියාකරුවන් දැනටමත් ලොකු අවදානමකට ලක්වෙලා.
මේ ගැටලුව අපි හැමෝම ඉතා ඉක්මනින් විසඳගන්න ප්‍රාර්ථනා කරන දෙයක්. නමුත් මේ සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන පිළියම් අවශ්‍යයි. එකී පිළියම්වලට සුදුසු වැඩපිළිවෙල රජයේ (?) වගකිව යුතු පුද්ගලයන් සහ අදාල ආයතන දියත් කරනු ඇති බව අපි බලාපොරොත්තු වෙනවා. එනමුත් මේ රට ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ එන්න කලක් යාවි.
ආහාර
ජීවත් වෙන්න අවශ්‍ය මූලිකම දෙයක් තමා කුසට ආහාරයක් ලබා ගැනීම. මේ මූලික අවශ්‍යතාවය ප්‍රශ්නයක් විදියට අපි බහුතරයකට තවම දැනෙනේ නෑ. අන්න ඒ බහුතරයේ ඉන්න අපිට, පුලුවන් විදියකට කාට හරි සහනයක් වෙන්න හැකි නම් ඒක ලොකු දෙයක්.
ඖෂධ
අපිට කොපමණ වත්කම් තිබුනත්, සමහර අවස්ථාවලදී අපිට අපේ ලබැඳියන් වෙනුවෙන් නිසි ඖෂධ සොයා ගැනීම අපහසු වෙන්න පුලුවන්. එවන් අවස්ථාවකදී, වෛද්‍යවරයෙක් විසින් නිර්දේෂිත ඖෂධයක් වෙනත් ප්‍රදේශයකින් හෝ පිටරටකින් හෝ, සොයා දීමට හෝ ප්දානය කිරීමට හැකි නම් ඉතා වටිනවා. සමහර රෝගීන්ට අවශ්‍ය රෝදපුටු, ශ්වසන ආධාරක, NG ටියුබ්, මුත්‍රා පෙරෙන බෑග්/බට වැනි දෑ පවා අවශ්‍යම කෙනෙක්ට ලබා දීමට සහය වීම මෙවන් මොහොතක ඉතා අස්වැසිල්ලක්.
අධ්‍යාපනික උපකරණ
අසරණ වූ පවුලක දරුවෙක්ට පොතක්, පැන්සලක්, පෑනක් වැනි දෙයක් පවා මේ අමාරු කාලේ මහ මෙරක් වගෙ. ඔබ හෝ ඔබේ දරුවා භාවිතයට ගෙන අතිරික්තව ඇති යම් අධ්‍යාපනික උපකරණයක් බෙදාගන්න ඔබ උනන්දු වෙනවා නම් නම් මේ ඒ සඳහා අවස්ථාව.
ඔබම හිතන්න, ඔබට උදව් විය හැකි ආකාර ගැන.
ඔබ සතු යම් අතිරික්ත යම් දෙයක් අවශ්‍යතාවයක් ඇති අයෙක්ට ලබා දීමට හැකියාවක් ඇත්නම් මේ පෝරමය පුරවන්න.
ඔබ වෙනුවෙන් හෝ වෙනත් අයෙක් වෙනුවෙන් යම් අවශ්‍යතාවයක් සඳහන් කිරීමට මේ පෝරමය පුරවන්න.